Friday, April 25, 2014

නාලන්දා ගෙඩිගේ


ශ්‍රී ලංකාවේ හරි මැද කොහෙද දන්නවද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දා ප්‍රදශයේ පිහිටා ඇති නාලන්දා ගෙඩිගෙයයි .


නාලන්දා ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිලිබඳ සඳහන් කළහොත් යාපනය මහනුවර ප්‍රදාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර් 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝමීටර් 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්දා ගෙඩිගෙයට ලඟා විය හැකිය .
ගමන් මාර්ගය - නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.



ඉන්දියාවේ නාලන්දා ප්‍රදේශයෙන් පැමිණි ආර්යයන් විසින් පිහිටුවා ගන්නා ලද ආර්ය ජනාවාසයක් අශ්‍රිතව මෙය නිර්මාණය කොට ඇතැයි කියැවේ. රජරට හා මලය රට සීමාවට යාව පිහිටුවා ඇති නාලන්ද , අතීතයේ සිටම යුද්ධ උපාය අතින් වැදගත් තැනක් ඉසුලුවේය . පොළොන්නරුවේ රජ කල මහා පරාක්‍රමභාහු රජතුමා තමා රජ වීමට පෙරාතුව ලංකාව තුළ කරන ලද සටහන් වලදී නාලන්දාවේ බලකොටුවක් කරවා තිබේ .
නාලන්දා ජනාවාසයේ පිහිටා ඇති නාලන්දා ගදි ගේ සපුරා ගඩොලින් කරවන ලද්දකි . බිත්ති පමණක් නොව වහලද ගඩොලින් ම කරවා ඇත . ප්‍රතිමා මන්දිරය 8 - 10 සියවස් කාලයට අයත් විය හැකි යැයි උපකල්පනය කෙරේ . මේ අකාරයේ (  ගෙඩිගේ සම්ප්‍රදායේ ) ගොඩනැගිලි අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා  ම ශ්‍රී ලංකාවේ ව්‍යප්තව  පැවතියේය . නාලන්දා ගෙඩි ගේ දිග ඩි100 කි පළල ආදී 50ක් .මෙය අනුරාධපුර හා  පොළොන්නරු යුගවල ඉදිකරන ලද පිළිම ගෙවල් වලට බෙහෙවින් සමාන ගොඩනැගිලි විශේෂයකි . මෙහි ද්වාර මණ්ඩපය ,  අන්තරාලය , ගර්භ ගෘහය  අඩිය නිසා එසේ කිව හැකි වී තිබේ .  ගොඩනැගිල්ලේ ඉදිරිපස විසිතුරු සඳකඩ පහනකි . අන්තරලයට ඇතුළු වීම සඳහා පඩි පෙළක් ඇත . පඩි පෙළ දෙපස කොරවක් ගල් ඇත. ගර්භ ගෘහයේ මද පද්මාසනයේ බුදු  පිළිමයක් තිබෙන්නට ඇතැයි සිතිය සිතිය හැක .


බුදු  පිළිමය 






විසිරී ඇති කැටයම් ආදිය සහිත ගල් කැබලි
ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත ඉදිකළ තවත් හිටි බුදුරුවක් දැකගත හැකි අතර එහි පපු ප්‍රදේශයෙන් ඉහළ කොටස විනාශ වී ඇත. ප්‍රධාන පිළිමයට වම් පසින් තවත් පිළිමයක කොටස් කීපයක් ඇති අතර එය බොහෝවිට බෝධිසත්ව පිළිමයක් විය හැක.

මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.
 

ගණ දෙවියන්ගේ ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් වම් පස ඇති ගණදෙවියන්ගේ පිළිමය ඉදිකිරීමෙන් අතීතයේ පටන් නුවර කලාවිය ප්‍රදේශයේ ගණ දෙවියන් වන්දනා කිරීම පැවති බවට නිගමනය කළ හැකි අතරම හින්දු ආභාෂයේ බලපෑමත් හොඳින් දැකගන්න පුළුවන.



ප්‍රාකාරයේ ඇති මෛථුන කැටයම

නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.

ස්ථුපය

මේ භූමියේ පිහිටි අනෙක් නිර්මාණය වන්නේ පෙර දැක්වූ පරිදි වේදිකාවක් මත පිහිටවූ ස්ථූපයයි. ගෙඩිගෙයට උතුරින් පිහිටි මෙම ස්ථූපය පසුකාලීනව නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණු අතර සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් මුල්වරට සංරක්ෂණ කටයුතු කරන ලදී.

මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.

බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.







එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.

ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.




නාලන්දා ගෙඩි ගේ නැවත සකස් කිරීම


ඒ යටතේ මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්ද ගෙඩිගේ පිහිටි ස්ථානයේ අඩි 23 ක් උස හතරැස් බිම්කඩක් මෙන්ම ඒ උසින්ම මාර්ගයක්ද ඉදිකෙරුණු අතර 1980 දී මහාචාර්ය P.L. ප්‍රේමතිලක සහ පෙදරේරු M. විමලදාස යටතේ වැඩ ආරම්භ වුණි.

මුල් කාලීන සංරක්ෂණයන් හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.

සංචාරකයෝ 





11 comments:

  1. අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් තිළිණ කලාට තුති ඔබට.

    ReplyDelete
    Replies
    1. එල එල . නාලන්දා ගෙඩි ගේ සිහැසින් බලලා එන්න යන්ඩ දවසක

      Delete
  2. මම පොඩි කාලෙ පුරා විද්‍යාඥයෙක් වෙන්න පුදුම ආසවෙන් හිටියා බං. මේක බලත්දි ඒක මතක් උනා.

    ReplyDelete
    Replies
    1. උත්සහ කරොත් දැනුත් බැරි නැහැ බං

      Delete
  3. අපේ රටේ වර්තමාන පරපුර හරියට ඉතිහාසය දන්නේ නැති තත්වයක් තුල මෙවැනි තොරතුරු අනාවරනය කිරීම ගැන බ්ලොග් එකට ස්තුති කරන්න කැමතියි.

    ReplyDelete
  4. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා . අනිත් අයගේ බ්ලොග් වලටත් රිංගලා බලලා යන්න අමතක කරන්න එපා

      Delete
    2. මෙවනි ලිපි අපට ඉතා ප්‍රයෝජනවත්.ස්තුතියි

      Delete
  5. අඩේ නියම පෝස්ට් එකක් . . ඒත් දැන් බැලුවේ උඩින් උඩින් නිදහසේ හොඳට කියවන්න ඕන . . ගොඩක් හොඳ වැඩක් මේ විදිහට විස්තර ඇතුව ලියන එක නම් හොඳේ

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී එකේ ඉන්න වෙලාවක කියවන්න අයියේ . ලංකාවට අපු දවසට නුවරඑලි බදුලු බණ්ඩාරවෙල යන්නේ නැතුව යන්න අපේ රටේ වැඩි දෙනා නොයන තැන් වලට .

      Delete
  6. ස්තුතියි... වර්ණවත් තරමටම ප්‍රයෝජනවත්....

    ReplyDelete