Sunday, March 16, 2014

ලක්‍ෂපානපාන ඈල්ලට & ඇබඩින් ඇල්ලට










" දිය ඇල්ලක්   '' ඉස්සෙල්ලම කියන්නම්කො  දියඇල්ලක් කියන්නෙ මොකක්ද කියලා .




 උස් ස්ථානයක සිට  නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල කඳක්  දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු  ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි. දිය ඇල්ලක් නිර්මාණය වීමට නම්  ගල් තලාවක්  සහිත උස් ස්ථානයක් සිට ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

 

 

 

න්න ඉතින් Andrew දවසක්  ගියාලු  ඇබඩින් ඇල්ලටයි ලක්ෂපාන ඇල්ලටයි. ඒ අන්දරේ ලක්ෂපාන හිටපු කාලේ . අන්දරේ මාස 6ක් ලක්ෂපාන පට්ටම ජිවිතයක් ගෙවපු එකෙක් . සිංහලෙන් කිවොත් අන්දරේ ලක්ෂපානම හොල්ලන් හිටිය එකෙක් .කවුරුහරි අදටත් ගිහිං " ඇ _ _  " ගෙ යලුවෙක් කිවුවොත්  ඔය කාටත් හොඳට සලකනවා . 

 හරි හරි දැන් යමුකෝ ඇබඩින් ඇල්ලට කයිවාරු ඇති . 



 

ඇබඩින් ඇල්ල

 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.



ගමන් මග - කොළඹ සිට යන අයෙකුටනම් හැටන් කොළඹ මාර්ගයේ ගොස් කවුරුත් දන්නා නොර්ටන් බ්‍රිජ් නගරයට පැමිණ ලක්ෂපාන පැත්තට මීටර් 500 ක් 600 ක් පමණ ගමන් ගන්නා විට  ඇබඩින් ඇල්ලපිවිසෙන අතුරු මාර්ගය හමු වේ . එම මාර්ගයේ මද දුරක් ගමන් කල විට ඇබඩින් ඇල්ලෙහි නාමපුවරුව හමුවේ .  



සප්ත කන්‍යා කඳු වැටියේ ගැටුණු ගුවන් යානයේ එක් රෝදයක්  

 

නොර්ටන් බ්‍රිජ් නගරයේ 



 

Andrew ගේ   ලක්‍ෂපාන යාළුවො 

 



Andrew ගේ

   කැමරා කාචෙට අහු වෙච්ච ඒවා

 මෙච්චරක් ඔකුයි




මේ ගැනනම් පොඩ්ඩක් කියන්නම ඕනේ . අපේ මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක් තමයි මේ . තමන්ගේ සතුට විතරක් අරගෙන පරිසරයට දීලා යන දේවල් තමයි මේ.  ඇල්ල ළඟ ඉඳන් පාරට යනකම් තිබ්බ ප්ලාස්ටික් පොලිතින් උරයක් විතර් අන්දරේයි යාලුවෝ දෙන්නයිඑකතු කළා . අපේ මිනිස්සු ඇත්තටම අපේ  හරිම  ආත්මාර්ථකාමී.


Friday, March 14, 2014

ජලයෙන් යට වුන මස්කෙළිය

වසර  45 පෙර මධ්‍යම කඳුකරයට දාරාණිපාත වර්ෂාවක්  ඇද හැළෙන්ට විය කවුරුත් නොසිතු ලෙසින්.ටික දිනක  සිට ඇද හැලෙමින් තිබු චුරු චුරු වරුසාව 1969 මාර්තු 18 වනදා  අනෝරා වැස්සක් විය . මධ්‍යම කඳුකරයට මෙවැනි වරුසා ආගන්තුක නොවේ . 1969 මාර්තු මස ඇද හැලුණු වර්ෂාව ප්‍රදේශයේ ජනතාවට විශේෂ පීඩාවක් ඇතිවූ බවටද එම වර්ෂා ජලය රටේ ආර්ථික, සාමාජීය හෝ සංස්කෘතික මෙන්ම දේශපාලන වශයෙන්ද වැදගත් වූ බවට ද සාධකයක් නොතිබිණ.



පැරණි මස්කෙළිය නගරය 

 

පැරණි නගරයට පෙනෙන මස්කෙළිය වර්තමාන නගරය

මාර්තු මස 18 වනදා කවුරුත් නොසිතු ලෙසක  මස්කෙළිය නගරය මාඋස්සාකැලේ ජලාශය නිල් දියවරින් මුළුමනින්ම ජලයෙන් යටවී ගියේ.... සියලු දේපල යට කරමින් මාඋස්සාකැලේ ජලාශය  දෙගොඩගලා යයි කියා කිසිවෙක් සිතුවේ නැත . එකවරම දසතින් ගලා එන ජල කඳත් සමඟ  ටිකෙන් ටික ජල මට්ටම ඉහළයත්ම අතට අසුවන දෙයක් පමණ  රැගෙනජනයා  ආරක්ෂාකාරීතැනසොයාදුවන්නටවුහ . පසු දින මස්කෙළිය නගරයට හිරු දෙවියන් පැමිණියත් මුළු මස්කෙලියම  වැහිබර  අඳුරු අහසින් වෙලාගෙන  තිබුණි.
හිරු නැගෙත්ම මස්කෙළිය ප්‍රදේශවාසීන්ගේ දෙනෙත් අදහාගත නොහැකි විය. මෙතුවක් කල් ඔවුන් පය ගසා ඇවිද ගිය නගරය, එම නගරයේ වූ පන්සල, කෝවිල, මුස්ලිම් පල්ලිය, ක්‍රිස්තු දෙව් මැදුර, ගණදෙවි කෝවිල, රෝහල, පොලිසිය ඇතුළු සියල්ලම නොපෙනී ගොසින් නිල්වන් ජල කඳක් පමණක් දර්ශනය විය.


 

ශ්‍රී සුමනාරාමය පන්සල

 

 ඉපැරණි බෝ රුක්ෂය


කදිරේෂන් කෝවිල 

 

මස්කෙලියට පෙනෙන ශ්‍රී පාදය 




 

මුස්ලිම් පල්ලිය


මස්කෙළිය ජනයාගේ හද සසලව ගියේ ඔවුන් මෙතුවක් කාලයක්
තම ගෞරවයට, භක්තියෙන් වන්දනාමාන කළාවූ ජනීය ස්ථාන ජලයෙන් යටවීමය. මේ වනවිට  මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක්  පමණ පහත බැසීමෙන් පසු එම ඉපැරණි ගොඩනැඟිලි දකින්නට, වන්දනාමාන කිරීමට ජනතාව පිය නගන්නේ එම නිසාය. මා ද පසුගිය  දිනක මෙම නටඹුන් නගරයේ රැයක් පහන් කළේය. ඒ මාගේ ආදරණිය  Indranatha ගුරුතුමන්ගේ  රාත්‍රී ඡායරුප ගැනීමේ කටයුත්තට සහබාගි වෙමින්ය . 






 මස්කෙළිය ජලාශය








කාලයකට වතාවක් මතුවන මෙම මස්කෙළිය නගරයේ නටඹුන් වූ ගොඩනැගිලි වල වටිනා කළා නිර්මාණ රැසක්ද තවමත් නොනැසී පවතී.


















 මස්කෙළිය  නගරය  ජලයෙන් යටවිමත්  සමග  ජල විදුලි බලාගාර නිර්මාණය  වීම ඉතිහාස පොතෙ රන් අකුරින් සටහන් විය . 


 කදිරේෂන් කෝවිල ඉදිකරන ලද භූමිය අයත්ව තිබුණේ එම කාලයේ ග්‍රාප්වත්ත ලෙසින් හඳුන්වන ලද වර්තමානයේ බ්‍රවුන්ලෝ නමින් හඳුන්වන තේ වතුයායේ අයිතිකරු වූ ජෝන් ග්‍රේප් නමැති විදේශිකයාටය. ඔහුගේ තේ වතුයායේ සේවයේ නියුතුව සිටි දෙමළ ජාතික හින්දු භක්තිකයන් සඳහා වන්දනා කිරීමට කෝවිලක අවශ්‍යතාව පැවසූවිට ඔහු ඒ සඳහා ඉඩමක් ලබා දී තිබේ. නමුත් ඒ පරිත්‍යාගයක් ලෙස නොවේ. කෝවිල ඉදිකරන බිම් කොටස සඳහා මාසිකව ශත 2ක කුලී ගෙවීමේ.



කැණියොන් විදුලි බලාගාරය ,ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිය බලාගාර නිර්මාණය වූ අතර දික්ඔය, කෙසෙල්ගමුව ඔයෙන් පෝෂණය වී සාරවත්වන කාසල්රි ජලාශයේ ජලය විදුලිපුර හෙවත් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ විදුලිය උත්පාදනයෙන් පසු බැහැර කරන ජලය ලක්ෂපාන කුඩා ජලාශයේ දී මාඋස්සාකැලේ ජලාශයෙන් මුදාහරින ජලය සමඟ එක්වීම නිසා ජල විදුලි බලාගාර 5ක විදුලිය උත්පාදන ක්‍රියාවලිය සිදුකෙරේ . 

ලක්ෂපාන විදුලි බලාගාරය හා ජලාශය

ලක්ෂපාන දිය ඇල්ල


ලක්ෂපාන විදුලි බලාගාරය කිරිවන් එලිය ප්‍රදේශයට පෙනෙන අයුරු 


මාවුස්සාකැලේ වාන් දොරොටු

සමනල  විදුලි බලාගාරය 

 

 

 1969 මුල්වරට ජලයෙන් යටවූ මෙම නිර්මාණ සහිත වූ පැරණි මස්කෙළිය නගරය මාඋස්සාකැලේ ජලාශය වූවා සේම 1969 මාර්තු 18 දින මුල්වරට වාන් දැමූ මෙම ජලාශයේ වාන් දොරටු ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩි 8ක් විවෘත කරන ලද්දේ පසුගිය (2013) මැයි මාසයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශ සඳහා ධාරානිපාත වර්ෂාව ඇද හැළුන දිනවලදීය.

 

සංචාරකයෝ

Thursday, March 13, 2014

සවාරියක ඇරඹුම

                      ඔන්න ඉතිං මමත් බ්ලොග් එකක් පටන්ගන්නයි හදන්නෙ.ගොඩ කාලෙක ඉඳන් මවපු සිහිනයක් හැබෑ උණා.

බ්ලොග් එකක් මාත් පටන් ගන්න ඕනේ කියලා ආසාවක් ඇති කරපු කවුරුත් දන්නා හිස් අහසේ සඳරුටයි , මට බ්ලොග් පිටුව හදල දුන්නු අටම්පහුර හා නලින් දිල්රුක්ෂ අයියටයි , ශානුක හෙට්ටිආරච්චි මගේ හිතාදර මිත්‍රයෝ දෙන්නටත් ස්තූතිය. 

අන්දරේගේ සවාරිවලට  ඔබලත් එක්කන් යන්නයි අද ඉඳන් මගේ බලාපොරොත්තුව..............