Sunday, April 27, 2014

ගල්මඩුව විහාරය


ගල්මඩුව විහාරය



සෙංකඩගල පුරවරයේ පිහිටි රමණිය පරිසරයක් පිහිටි තවත් ඉපැරණි ස්ථානයක් ලෙසින් ගල්මඩුව විහාරය හඳුන්වා දිය හැකිය .


මහනුවර දිස්ත්‍රිකයේ , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කලාපුරය නම් ග්‍රාමයේ ගල්මඩුව  විහාරය පිහිටා ඇත . මහනුවර - දිගන මාර්ගයේ කී.මී 5 ක්  පමණ ගිය විට  හමුවන ගල්මඩුව පාරේ කී.මී භාගයක් පමණ කල විට මෙම ස්ථානයට ලඟා විය හැකිය .


ඇත ඉතිහාසයකට උරුමකම්  කියන  ශ්‍රී ලංකාවේ  ඉපැරණි ගොඩනැගිලි දහස් ගණනක් දක්නට ලැබෙන නමුත් , ඒ අතර බහුලව දක්නට නොලැබෙන  වස්තු විද්‍යත්මක ලක්ෂණ වලින් හෙබි අපුර්ව මෙන්ම , දුර්ලභ ගනයේ විශිෂ්ටතම  නිර්මාණයක් ගල්මඩුව විහාරය සැලකේ . මෙය ගලින් තැනුවකි . ඒ නිසාවෙන් ගල්මඩුව විහාරය යන නම ලැබෙන්නට ඇත .






ක්‍රි . ව 1747 - 1781 අතර මහනුවර රාජ්‍ධනියේ රජකම් කල කිර්ති ශ්‍රී රජසිංහ  රජතුමා විසින් ගල්මඩුව විහාරය තනවා ලද්දේ බිසොවොරුන්ට වන්දනා මාන කිරීම සඳහා බව ජනප්‍රවාදයේ සඳහන් වේ . එහෙත් ගල්මඩුව විහාරය වැඩ නිම නොවූ විහාරයක් ලෙස සැලකේ .









මෙහි පුරාවිද්‍ය්ත්මක වශයෙන් සලකා බලන කල වැදගත් වන එකම සාධකය වන්නේ මෙහි  අක්ෂර සහිත ගඩොල් කිහිපයක් හඳුනා ගැනීමට ලැබීමයි . බ්‍රාහමීය අක්ෂර වලින් ලියැවුනු ගඩොල් පිළිබඳව විමසා බැලීමේදී මෙහි  ඉතා වැදගත් ගොඩනැගිලි  තිබෙන්නට  ඇති බවත් , එය ගරා වැටුණු පසු බෝධි වෘක්ෂය ඒ ස්ථානයෙන්ම රෝපණය කරන්නට ඇති බවත්ය .


කඩුගන්නාව බලන කපොල්ල 

[ ගල්මඩුව විහාරයට යන අතර මඟ ] 



ගල්මඩුව  විහාර ගොඩනැගිල්ල කොටස් දෙකකින් යුක්ත වේ. ඇතුලත වූ ගොඩනැගිල්ල ගෙඩිගේ නමින් හැඳින්වේ . ගලින් තනා ඇති මෙහි බිත්ති ඉහලට යන විට ක්‍රමයෙන් කුඩා වන පරිති කේතු ආකාරයට  ඉම කොට ඇත . ගොඩනැගිල්ල මුදුනේ කොතක් දක්නට ඇත . ගෙඩිගේ ගෙඩි ගේ ඇතුලත ඉහල වහල කොටස පැරණි චිත්‍ර වලින් යුක්තය . ගෙඩිගේ ඉහල වූ කොත හතර පැත්තේ චයිත්‍ය හතරක් සිතුවම් කර  ඇත . 


ප්‍රධාන දොරොටුව 





ගෙඩිගේ තුල හිඳී බුදුපිළිමයක් දක්නට ඇත . ගල්මඩුව විහාරයේ දෙවන කොටස ලෙස හැඳින්විය හැක්කේ ගෙඩිගේ වටකර ඇති ගොඩනැගිල්ලයි .  පිටත බිත්තිය හා ගෙඩිගේ අතර අඩි 14ක් වූ කොටස ප්‍රදක්ෂිනා පථයක් ලෙසින් භාවිතයට ගැනේ . ගෙඩි ගේ වටකර තනා ඇති විහාර මන්දිරයේ තුන් පැත්තක  ආරුක්කු හැඩයේ කවුළු පහක් බැගින් දක්නට ඇත . ප්‍රධාන දොරොටුව පැත්තේ කවුළු හතරකි .


ගල්මඩුව විහාරයේ ඇතුළත ඉතා දර්ශනීය චිත්‍ර වලින් අලංකාර කර ඇත . දොරොටුව දෙපස සක් පිඹීනන්ගේ රුප දෙකක් ඇත. ගල්මඩුව ගෙඩිගේ හා විහාරය අති දක්ෂ ශිල්පියෙකුගේ අපුර්ව නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැක .






සංචාරකයෝ 


5 comments:

  1. අර චිත්‍ර වලත් ෆොටෝ දැම්මනම් තමයි ඉතින් හොද..

    ReplyDelete
    Replies
    1. මන් එතනට යනකොට අඳුර වැටිලා . ඇතුලේ එළියක් තිබ්බේ නැහැ .

      Delete
  2. ඇතුල මාර කළුවරක්නෙ බං. අර දොරේ ෆොටෝ එක බලත්දි.

    වැඩ නිම නොකර මේතරම් ලස්සන නම්, වැඩ නිම කලා නම්……

    ReplyDelete
    Replies
    1. අනික චිත්‍ර තිබ්බේ ගෙඩිගේ ඇතුලේ . ඔව් මචං එදා වැහි අන්ද කාරෙත් තිබ්බා . එත් මේක ඇතුල කළුවරයි මන් හිතන්නේ . පට්ට කූල්. යු ටියුබ් සර්ච් කරලා බලන්න රාණි සබන් ඇඩ් එක කලේ මේකේ

      Delete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete