Thursday, April 24, 2014

කිං කාශ්‍යප සොයා සීගිරියට

කාශ්‍යප හම්බ වෙන්න අන්දරේ සිගිරිය බලා පසු ගිය දිනක ගමන් කළේය . ඒ අන්දරේගේ සර්ගේ එක්තරා වැඩකට ද සහබාගි වන අදහසිනි . කොහොමින් කොහොමින් හරි අන්දරේ සිගිරි බලා යන අතර තුර ඇතුගල් පුරද නැග්ගේය .



01 . ඇතුගල හිඳී බුද්ද ප්‍රතිමා වහන්සේ 



02. ඇතුගල මුදුනට පෙනෙන කුරුණෑගල රාජධානිය

කුරුණෑගල අවට හිටිය අන්දරේගේ මිතුරන්ද හමු වීමට අන්දරේ අමතක කලේ නැත . කුසා ඉන් එකෙකි . හඳුන් කුරු 15 විතර වග කියන ගමන් Kus එකක් එකී මෙකි නොකී දහසක් දේ කියව කියව ඉඳලා කුසටත් කුරුණෑගලත් සමු දී නැවත සිගිරිය බලා 


සීගිරියෙන් දවල්ට  1750 ක් දන් දී හෝටලයටත් බැන බෑන සීගිරියට ආවේය . හොඳම සිං එක කියන්නේ මාත් එක්ක ආපු එකා කොල්ලෙක්ගෙන් ඇහුවනේ සිගිරිය ඉස්සරහා ඉඳන් අයියේ සිගිරිය කොහෙද කියලා . 


කිං අරන්දර 

සිගිරිය  මුදුනට පෙනෙන අවට



මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මනවාට පිළිබිඹු කරමිණි.


'' නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද් ''



 සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි.




සිගිරිය ඈත අතිතයේ සිටම එහි පැමිණි විනෝදකාමී නරබන්න්ගේ පාරාදීසයක්  වී ඇති කැටපත් පවුරේ ඇති මතක් සටහන් වලින්  එය අපට දැක  ගත හැකිය . විවිධ රසිකයින්ගේ සිය සතුට කවි පෙලකින් කැටපත් පවුරේ සටහන් කර තැබීමට අමතක නොකර තිබු අතර එවැනි හැකියාවක් නොමැති අය කුමක් හෝ ලියා යාමට අමතක නොකළහ . 

බුදල්මි
සියොව ආමි
සිගිරි බැලීමි
බැලූ බැලූ බොහෝ දෙනා
ගී ලියු හෙයින් නොලීමි 

මේ එවැනි ප්‍රකාශනයකට උදාහරණයකි . ]





කැටපත් පවුර 

ඇතැම් කවීහු තම පෙම්වතිය වෙනුවෙන් කවියක්  කෑටපත් පවුරේ කුරුටු ගා ගිය කාලයක් තිබුණි . එවැනි අපරාද  සිදුවන්නට මුලික හේතුව උයේ එදා කැටපත් පවුර ආරක්ෂාවට කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැන තිබීමයි . 

සිගිරි බිතු සිතුවම්








 

අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. අඩි 1132 ක් උසැති සීගිරි පර්වතයේ අව් වැසි ආදියෙන් හොඳින් ආවරණය වූ තැනෙක සිතුවම් කරන ලද පර්වත තිබේ. කැටපත් පවුරේ ගී කිහිපයකම සඳහන් වන ආකාරයට මේ චිත්ර ගැලරියෙහි චිත්ර 500 ක් පමණ විය. එහි ඒ තරම් චිත්ර ප්රමාණයක් තිබුණේ නම් ලොව ලෝකයේ එවැනි චිත්ර ගැලරියක් තිබූ එකම ස්ථානය සීගිරිය යි.
මේ චිත්‍ර කාශ්‍යප රජු විසින් අඳින ලද බව පරණවිතානගේ මතය යි. ඔහු එය අභයගිරියේ බුද්ධමිත්‍ර තෙරුන් විසින් ලියන ලදැයි සැලකෙන ශ්‍රමන දූත කාව්‍ය ඔස්සේ පෙන්නුම් කරයි. නමුත් හත්වන ශත වර්ෂයේ අගභාගය වන තෙක් ලියූ කවි වල චිත්ර සම්බන්ධව කරුණු නොදැක්වෙයි. මේ නිසා මේ චිත්‍ර සීගිරිය බැලීමට ගිය භිකෂූන් විසින් අඳින ලද්දක් බවද පිළිගත හැකිය. එයින් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර 21 ක් පමණි. අටවන සියවස පමණ වන විට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද සීගිරිය නැරඹීමට පැමිණ තිබේ.
රතු, කොළ, කහ යන ප්‍රධාන වර්ණ තුනෙන් මෙය ඇඳ තිබේ. මේ රූප වල තනි හා යුගල වශයෙන් නිරූපිත ස්ත්‍රි රූප වලින් යුතු වේ. මේ රූපවල ඉඟටියෙන් පහළ කොටස දක්නට නොලැබේ. එය වළාකුළකින් කැඩී යන පරිදි සිතුවම් කොට ඇත. සීගිරි පද්යයකට අනුව වීණාවක් අතින් ගත් ලදකගේ රුවක් ගැන කියවුණත් දැනට ඉතිරිව ඇති සිතුවම් තුළ සිතුවමක් දක්නට නොලැබේ. සිගිරි චිත්රයන්හි රතු පැහැයෙන් අඳින ලද බාහිර සටහනෙහි කහ, දුඹුරු, හා කොළ යන වර්ණය ආලේප කිරීමෙන් වර්ණ පූර්ණ කළ බව පෙනේ. මේ චිත්‍රවල වර්ණ සංකලනයේ දී නිල් පැහැය භාවිත නොකිරීම විශේෂ ලකෂණයකි. ඔවුන්ගේ අත් නිරූපණය කරන ආකාරය ඛෙහෙවින් තාත්වික වේ. පරණවිතාන මතයට අනුව නිත්ය වශයෙන්ම අනුරාගී සිහින් ඉඟ පිරිපුන් පයෝධරයන්ගෙන් යුත් උත්කෘෂ්ඨ ස්ත්‍ර රූප ලෙස මේවා දැකිය හැක. ඉහත දැක්වෙන්නේ එසේ වූ යුගල කාන්තා රූපයකි.



මු තමයි වූ




වස්තු විද්‍යාත්මක වශයෙන් ද තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි සිගිරිය පාසැල් සිසුන් විසින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානයක් ලෙස සඳහන් කල යුතුය . ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අනිවාර්යෙන් නැරඹීමට අමතක නොකරන ස්ථාන වලින් සිගිරිය ප්‍රමුක ස්ථානයක් ගනී . සිගිරිය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන දෙන සුවිශේෂී ස්ථානයකි .

නයි පෙනයක් 


සිගිරි පර්වතය මුදුනේ සිට 


සිංහ  පාදය 


සීගිරියේ ඇති නටඹුන් 



පොකුණක් 



කිං උතුමාණන් 




එදින සිගිරිය ආලෝක පින්තාරුව අවසන් කර රාත්‍රී 11 පමණ සීගිරියට සමු දී මා හා මගේ මිත්‍රය පැය 2 1/2 පමණ දීර්ග ගමනකින් පසු කොඹට  දඬු මොනරා මගින් ආවේය .

11 comments:

  1. එහෙනම් මේකටයි කොල්ලා එහෙ නවාතැන් හෙවුවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදික අයියේ . බොහොම ස්තුති උදවු කලාට . මන් එදාම කොළඹ අවා .

      Delete
  2. එල... හැබැයි දැන් අරක සිංහ පාදයක් නෙමෙයි .. ගුරුලෙකුගේ පාද කියල මතයක් තියෙනව ...

    ReplyDelete
    Replies
    1. ගුරුලෙකුගේ - ඒ මොකෙක්ද බන් ඒ

      Delete
    2. එහෙම කතාවක් තියෙනවා තමා. ඔය ඇඟිලි සිංහයෙක්ගෙ නෙමේ කියනවා.

      Delete
  3. මම තාමත් සීගිරි ගිහින් නෑ බං. :( යන්න ඕන වෙලාවක.

    හිනා වෙන්න එපා බොලවු සීගිරි නොගිය ඇමතිලත් ඉන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ප්‍රියා උඹ විතරක් නෙමේ මචන් මන් එදා සීගිරියේ බලධාරීන් එක්ක පොඩ්ඩක් කතා බහා කළා . ඒ මිනිස්සු කිවුව විදිහට සිගිරිය අවට මිනිස්සු ඉන්නවලු සීගිරියට ආපු නැති. එදා මගේ යාලුවෙක් ඇහුවනේ එතැනදී සිගිරිය වටේ තියෙන දිය අගල් මෑත කාලයේ හදපුවද කියලා .

      Delete
  4. ලංකාවේ තැන් වලින් බලන්න ආසම තැනක් දළදා මාලිගාව වගේ කොයි තරම් ගියත් ආයේ ආයේ යන්න හිතෙන තැනක් . . ඒත් සෑහෙන කාලෙකින් යන්න බැරි උනා ලබන නිවාඩුවේදි වත් බලමු .. .

    ReplyDelete
  5. එකපාරක් මාත් සීගිරි ගිහින් තියෙනවා. ඔබේ සංචාරක තොරතුරු ගොඩක් වටිනවා. දිගටම ලියන්න. ජයවේවා!!

    ReplyDelete
  6. මරු මරු, මාත් කීප වතාවක්ම ගිහින් තියෙනවා.. මේ වගේ චාරිකා සටහන් කියවන්න මාත් ආසයි..

    ReplyDelete