පැරණි මස්කෙළිය නගරය
පැරණි නගරයට පෙනෙන මස්කෙළිය වර්තමාන නගරය
මාර්තු මස 18 වනදා කවුරුත් නොසිතු ලෙසක මස්කෙළිය නගරය මාඋස්සාකැලේ ජලාශය නිල් දියවරින් මුළුමනින්ම ජලයෙන් යටවී ගියේ.... සියලු දේපල යට කරමින් මාඋස්සාකැලේ ජලාශය දෙගොඩගලා යයි කියා කිසිවෙක් සිතුවේ නැත . එකවරම දසතින් ගලා එන ජල කඳත් සමඟ ටිකෙන් ටික ජල මට්ටම ඉහළයත්ම අතට අසුවන දෙයක් පමණ රැගෙනජනයා ආරක්ෂාකාරීතැනසොයාදුවන්නටවුහ . පසු දින මස්කෙළිය නගරයට හිරු දෙවියන් පැමිණියත් මුළු මස්කෙලියම වැහිබර අඳුරු අහසින් වෙලාගෙන තිබුණි.
හිරු නැගෙත්ම මස්කෙළිය ප්‍රදේශවාසීන්ගේ දෙනෙත් අදහාගත නොහැකි විය. මෙතුවක්
කල් ඔවුන් පය ගසා ඇවිද ගිය නගරය, එම නගරයේ වූ පන්සල, කෝවිල, මුස්ලිම්
පල්ලිය, ක්‍රිස්තු දෙව් මැදුර, ගණදෙවි කෝවිල, රෝහල, පොලිසිය ඇතුළු සියල්ලම
නොපෙනී ගොසින් නිල්වන් ජල කඳක් පමණක් දර්ශනය විය.
ශ්‍රී සුමනාරාමය පන්සලඉපැරණි බෝ රුක්ෂය |
කදිරේෂන් කෝවිල
මස්කෙලියට පෙනෙන ශ්‍රී පාදය |
මුස්ලිම් පල්ලිය
තම ගෞරවයට, භක්තියෙන් වන්දනාමාන කළාවූ ජනීය ස්ථාන ජලයෙන් යටවීමය. මේ වනවිට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක් පමණ පහත බැසීමෙන් පසු එම ඉපැරණි
ගොඩනැඟිලි දකින්නට, වන්දනාමාන කිරීමට ජනතාව පිය නගන්නේ එම නිසාය. මා ද පසුගිය දිනක මෙම නටඹුන් නගරයේ රැයක් පහන් කළේය. ඒ මාගේ ආදරණිය Indranatha ගුරුතුමන්ගේ රාත්‍රී ඡායරුප ගැනීමේ කටයුත්තට සහබාගි වෙමින්ය .
|
මස්කෙළිය නගරය ජලයෙන් යටවිමත් සමග ජල විදුලි බලාගාර නිර්මාණය වීම ඉතිහාස පොතෙ රන් අකුරින් සටහන් විය .
කදිරේෂන් කෝවිල ඉදිකරන ලද භූමිය අයත්ව තිබුණේ එම කාලයේ ග්රාප්වත්ත ලෙසින්
හඳුන්වන ලද වර්තමානයේ බ්‍රවුන්ලෝ නමින් හඳුන්වන තේ වතුයායේ අයිතිකරු වූ
ජෝන් ග්‍රේප් නමැති විදේශිකයාටය. ඔහුගේ තේ වතුයායේ සේවයේ නියුතුව සිටි දෙමළ
ජාතික හින්දු භක්තිකයන් සඳහා වන්දනා කිරීමට කෝවිලක අවශ්‍යතාව පැවසූවිට ඔහු
ඒ සඳහා ඉඩමක් ලබා දී තිබේ. නමුත් ඒ පරිත්‍යාගයක් ලෙස නොවේ. කෝවිල ඉදිකරන
බිම් කොටස සඳහා මාසිකව ශත 2ක කුලී ගෙවීමේ.
කැණියොන් විදුලි බලාගාරය ,ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිය බලාගාර නිර්මාණය වූ අතර දික්ඔය, කෙසෙල්ගමුව ඔයෙන් පෝෂණය වී සාරවත්වන කාසල්රි ජලාශයේ ජලය විදුලිපුර හෙවත් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ විදුලිය උත්පාදනයෙන් පසු බැහැර කරන ජලය ලක්ෂපාන කුඩා ජලාශයේ දී මාඋස්සාකැලේ ජලාශයෙන් මුදාහරින ජලය සමඟ එක්වීම නිසා ජල විදුලි බලාගාර 5ක විදුලිය උත්පාදන ක්‍රියාවලිය සිදුකෙරේ .
ලක්ෂපාන විදුලි බලාගාරය හා ජලාශය
ලක්ෂපාන දිය ඇල්ල
ලක්ෂපාන විදුලි බලාගාරය කිරිවන් එලිය ප්‍රදේශයට පෙනෙන අයුරු
මාවුස්සාකැලේ වාන් දොරොටු
සමනල විදුලි බලාගාරය
1969 මුල්වරට ජලයෙන් යටවූ මෙම නිර්මාණ සහිත වූ පැරණි මස්කෙළිය නගරය මාඋස්සාකැලේ ජලාශය වූවා සේම 1969 මාර්තු 18 දින මුල්වරට වාන් දැමූ මෙම ජලාශයේ වාන් දොරටු ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩි 8ක් විවෘත කරන ලද්දේ පසුගිය (2013) මැයි මාසයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජලාශ ආශ්රිත ප්‍රදේශ සඳහා ධාරානිපාත වර්ෂාව ඇද හැළුන දිනවලදීය.
![]() |
සංචාරකයෝ |
ඉදිරියට හොදින් බිලෝග් එක කරගන යන්න සුභ පතනව...
ReplyDeleteජය.....
තැන්ක්ස් මචං
Deleteහොඳ වැඩක්. හොඳට සැලසුම් කළානම්, යන ගමනක මුල ඉඳන් ම පින්තූර එකතුවකුත් හදා ගන්න තිබ්බා. දැන්වත් එහෙම කරමු.
ReplyDeleteඔව් සර් මේ පාර ඉඳන් එහෙම කරමු
Deleteඉන්දරනාත් මහත්තයගේ ගෝලයෙක් එහෙනං
ReplyDeleteනැතුව නැතුව
Deleteමුලින්ම සුභ පතනවා බ්ලොග් එකට....
ReplyDeleteයටවුනු මස්කෙලිය නගරයක් ගැන අහල තිබුනා විතරයි පින්තූර ටිකක් හරි දැක්කේ අදයි...
ලස්සන පොටෝ ටික....
ජය වේවා...
පුළුවන්නම් ගොඩවෙලා යන්න විදානේගේ මළදානේ - පාංශුකූලය සහ මැක්කා
ස්තුති විදානේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයිනේ මලයා. ඉන්ද්‍රනාථ කියල තියන විදියට කරන්න බලන්න එතකොට හැබෑ පිළිවෙළක් ඇතිව ලස්සනට වැඩේ කරන්න පුඵවන්. සුබ පැතුම් මලයා.
ReplyDeleteඅනිවාර්යෙන් නලින් අයියේ
Deleteඅඩේ මෙන්න මේ ගොයියත් මස්කෙලි ගොහින්.... :)
ReplyDelete