![]() |
ගල්මඩුව විහාරය |
සෙංකඩගල පුරවරයේ පිහිටි රමණිය පරිසරයක් පිහිටි තවත් ඉපැරණි ස්ථානයක් ලෙසින් ගල්මඩුව විහාරය හඳුන්වා දිය හැකිය .
මහනුවර දිස්ත්රිකයේ , කුණ්ඩසාලේ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ කලාපුරය නම් ග්රාමයේ ගල්මඩුව විහාරය පිහිටා ඇත . මහනුවර - දිගන මාර්ගයේ කී.මී 5 ක් පමණ ගිය විට හමුවන ගල්මඩුව පාරේ කී.මී භාගයක් පමණ කල විට මෙම ස්ථානයට ලඟා විය හැකිය .
ඇත ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ ඉපැරණි ගොඩනැගිලි දහස් ගණනක් දක්නට ලැබෙන නමුත් , ඒ අතර බහුලව දක්නට නොලැබෙන වස්තු විද්යත්මක ලක්ෂණ වලින් හෙබි අපුර්ව මෙන්ම , දුර්ලභ ගනයේ විශිෂ්ටතම නිර්මාණයක් ගල්මඩුව විහාරය සැලකේ . මෙය ගලින් තැනුවකි . ඒ නිසාවෙන් ගල්මඩුව විහාරය යන නම ලැබෙන්නට ඇත .
ක්රි . ව 1747 - 1781 අතර මහනුවර රාජ්ධනියේ රජකම් කල කිර්ති ශ්රී රජසිංහ රජතුමා විසින් ගල්මඩුව විහාරය තනවා ලද්දේ බිසොවොරුන්ට වන්දනා මාන කිරීම සඳහා බව ජනප්රවාදයේ සඳහන් වේ . එහෙත් ගල්මඩුව විහාරය වැඩ නිම නොවූ විහාරයක් ලෙස සැලකේ .
![]() |
කඩුගන්නාව බලන කපොල්ල[ ගල්මඩුව විහාරයට යන අතර මඟ ] |
ගල්මඩුව විහාර ගොඩනැගිල්ල කොටස් දෙකකින් යුක්ත වේ. ඇතුලත වූ ගොඩනැගිල්ල ගෙඩිගේ නමින් හැඳින්වේ . ගලින් තනා ඇති මෙහි බිත්ති ඉහලට යන විට ක්රමයෙන් කුඩා වන පරිති කේතු ආකාරයට ඉම කොට ඇත . ගොඩනැගිල්ල මුදුනේ කොතක් දක්නට ඇත . ගෙඩිගේ ගෙඩි ගේ ඇතුලත ඉහල වහල කොටස පැරණි චිත්ර වලින් යුක්තය . ගෙඩිගේ ඉහල වූ කොත හතර පැත්තේ චයිත්ය හතරක් සිතුවම් කර ඇත .
![]() |
ප්රධාන දොරොටුව |
ගල්මඩුව විහාරයේ ඇතුළත ඉතා දර්ශනීය චිත්ර වලින් අලංකාර කර ඇත . දොරොටුව දෙපස සක් පිඹීනන්ගේ රුප දෙකක් ඇත. ගල්මඩුව ගෙඩිගේ හා විහාරය අති දක්ෂ ශිල්පියෙකුගේ අපුර්ව නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැක .
සංචාරකයෝ |
අර චිත්ර වලත් ෆොටෝ දැම්මනම් තමයි ඉතින් හොද..
ReplyDeleteමන් එතනට යනකොට අඳුර වැටිලා . ඇතුලේ එළියක් තිබ්බේ නැහැ .
Deleteඇතුල මාර කළුවරක්නෙ බං. අර දොරේ ෆොටෝ එක බලත්දි.
ReplyDeleteවැඩ නිම නොකර මේතරම් ලස්සන නම්, වැඩ නිම කලා නම්……
අනික චිත්ර තිබ්බේ ගෙඩිගේ ඇතුලේ . ඔව් මචං එදා වැහි අන්ද කාරෙත් තිබ්බා . එත් මේක ඇතුල කළුවරයි මන් හිතන්නේ . පට්ට කූල්. යු ටියුබ් සර්ච් කරලා බලන්න රාණි සබන් ඇඩ් එක කලේ මේකේ
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete