Sunday, March 16, 2014

ලක්‍ෂපානපාන ඈල්ලට & ඇබඩින් ඇල්ලට










" දිය ඇල්ලක්   '' ඉස්සෙල්ලම කියන්නම්කො  දියඇල්ලක් කියන්නෙ මොකක්ද කියලා .




 උස් ස්ථානයක සිට  නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල කඳක්  දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු  ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි. දිය ඇල්ලක් නිර්මාණය වීමට නම්  ගල් තලාවක්  සහිත උස් ස්ථානයක් සිට ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

 

 

 

න්න ඉතින් Andrew දවසක්  ගියාලු  ඇබඩින් ඇල්ලටයි ලක්ෂපාන ඇල්ලටයි. ඒ අන්දරේ ලක්ෂපාන හිටපු කාලේ . අන්දරේ මාස 6ක් ලක්ෂපාන පට්ටම ජිවිතයක් ගෙවපු එකෙක් . සිංහලෙන් කිවොත් අන්දරේ ලක්ෂපානම හොල්ලන් හිටිය එකෙක් .කවුරුහරි අදටත් ගිහිං " ඇ _ _  " ගෙ යලුවෙක් කිවුවොත්  ඔය කාටත් හොඳට සලකනවා . 

 හරි හරි දැන් යමුකෝ ඇබඩින් ඇල්ලට කයිවාරු ඇති . 



 

ඇබඩින් ඇල්ල

 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.



ගමන් මග - කොළඹ සිට යන අයෙකුටනම් හැටන් කොළඹ මාර්ගයේ ගොස් කවුරුත් දන්නා නොර්ටන් බ්‍රිජ් නගරයට පැමිණ ලක්ෂපාන පැත්තට මීටර් 500 ක් 600 ක් පමණ ගමන් ගන්නා විට  ඇබඩින් ඇල්ලපිවිසෙන අතුරු මාර්ගය හමු වේ . එම මාර්ගයේ මද දුරක් ගමන් කල විට ඇබඩින් ඇල්ලෙහි නාමපුවරුව හමුවේ .  



සප්ත කන්‍යා කඳු වැටියේ ගැටුණු ගුවන් යානයේ එක් රෝදයක්  

 

නොර්ටන් බ්‍රිජ් නගරයේ 



 

Andrew ගේ   ලක්‍ෂපාන යාළුවො 

 



Andrew ගේ

   කැමරා කාචෙට අහු වෙච්ච ඒවා

 මෙච්චරක් ඔකුයි




මේ ගැනනම් පොඩ්ඩක් කියන්නම ඕනේ . අපේ මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක් තමයි මේ . තමන්ගේ සතුට විතරක් අරගෙන පරිසරයට දීලා යන දේවල් තමයි මේ.  ඇල්ල ළඟ ඉඳන් පාරට යනකම් තිබ්බ ප්ලාස්ටික් පොලිතින් උරයක් විතර් අන්දරේයි යාලුවෝ දෙන්නයිඑකතු කළා . අපේ මිනිස්සු ඇත්තටම අපේ  හරිම  ආත්මාර්ථකාමී.




ඇබඩින් ඇල්ලෙන් ලක්ෂපාන ඇල්ලට

 

 

ඇබඩින් ඇල්ලට සමු දුන්න අපේ ඊළඟ ගමන ලක්‍ෂපානපාන ඈල්ලට.












ලංකාවේ ඇති එකම බිංදුවේ '' 0 " කනුව 

 

බින්දුවේ කණුව ළඟින් වමට හැරී මස්කෙළිය පැත්තට ගමන් කල යුතු වේ ලක්‍ෂපානපාන ඇල්ල  බැලිමටනම්.


  
කිරිවන් එලියට පෙනෙන  ලක්‍ෂපානපාන ඇල්ල

කිරිවන් එලියට පෙනෙන  ලක්‍ෂපානපාන විදුලි බලාගාරය 


සංචාරකයෝ ගමන් මහන්සිය නිවමින්

සංචාරකයෝ ගමන් මහන්සිය නිවමින් 

 

 

 මේ ගල් ජාතිය කාලයත්  සමග කෙමෙන් කෙමෙන් වැඩෙන් ගල් ජතියක්ලු

 

 ලක්ෂපාන ඇල්ල

 

 ලක්ෂපාන ඇල්ල  

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

 



ලක්ෂපාන ඇල්ල

 

 

Andrew

 ඇල්ල පාමුල






 

 ඇල්ල පාමුල අපි උයාගෙනත් කැවෝ



භාවනා යෝගීව සිටින 

Andrew

සංචාරකයෝ

2 comments:

  1. ඔන්න අපිත් ගොඩ වැදුනා font size ලොකු වුනානම් කියවන්න ලේසී ජය වේවා!!

    ReplyDelete